පසුගිය ආර්ථික අර්බුදය අවස්ථාවේ රටේ මුදල් නැති වූයේ ගුවන් යානයක පටවා උගන්ඩාවට ගෙන යෑමෙන් නොවන බව ආණ්ඩුව පිළිගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඊට හේතුව ජවිපෙ රටේ ආර්ථිකය කඩා වැට්ටීමට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කිරීම බවයි.
සිය දේශපාලන අරමුණු මුදුන්පමුනුවා ගැනීමට ඔවුන් රටේ ආර්ථිකය කඩාබිඳ දැමීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කරයි.
එදා කොවිඩ් අර්බුදය අවස්ථාවේ මෙන්ම අදද ලෝකයේ ප්‍රශ්නයක් ඇති බවත් එය දඩමීමා කරගෙන ජනතාවට බොරු කියා අපහසුතාවට පත්කිරීම වැරදි බවද සාගර කාරියවසම් අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසුවේ, පහුගිය ආණ්ඩුව සමයේ ඉන්ධන නොමැති වූයේ රටේ මුදල් නොමැති නිසා වුවත් අද ඉන්ධන නැත්තේ ලෝක යුද්ධයක් නිසා බවට ආණ්ඩුව සිදුකරන ප්‍රකාශවලට ප්‍රතිචාර වශයෙනි.