විදුලි කප්පාදුවකට යන්න වෙන්න පුළුවන්…! – බලශක්ති ඇමති කුමාර ජයකොඩි…

March 17, 2026 at 4:58 pm | by emanisa.lk

මෙතෙක් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත් ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

“තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්”

අද (17) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27.2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විදුලි කප්පාදුවක් සිදුකරන්නේදැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *