ඉන්ධන අර්බුදය රජයේ සේවකයන්ට බදාදා නිවාඩු දෙයි… අනෙක් දිනවලත් අවශ්‍ය නම් විතරයි… රාජ්‍ය උත්සව නවතා දමයි… විශ්වවිද්‍යාල දේශන Zoom වෙයි…!

March 16, 2026 at 7:41 pm | by emanisa.lk

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම අනෙකුත් වැඩකරන සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී තිබේ. ඉන්ධන හිඟයක් රට තුළ නොමැති නමුත් QR ක්‍රමවේදයේ යම් ගැටළු තත්ත්වයක් පවතින බැවින් එය ඉතාමත් ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

එමෙන්ම මේ වන විට රට තුළ මසකට සරිලන ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් තවත් ඉන්ධන නැව් 4ක් මෙරටට පැමිණෙන බව තහවුරු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *