ජරාව කෑමට නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරය නම් විනාශකාරී අටමගලය ලංකාවට ගෙන ආ එවුන්ගෙන් විමසීමට තමන්ට ප්‍රශ්නයක් ඇතැයි කෝටිපති මැට්ටා හෙවත් ප්‍රවීණ මැටි භාණ්ඩ නිර්මාණකරු අජිත් පෙරේරා පවසයි.
“ගල් අඟුරු මගඩියක් ගැන කතා කරනවා නෙ. කවුරු හරි එකෙක් ඉන්නවා නම් මෙන්න මේකට උත්තරයක් දීපල්ලා. මේකට උත්තර දෙන්න ඕන, නොරෙච්චෝලේ බලාගාරය මේකට ගෙනැල්ලා, ජරාව කාලා, මේ විනාශකාරී අටමගලේ මේකට ගෙනා එවුන්.
පුළුවන් නම් කියපල්ලා ගල් අඟුරු නිසි ප්‍රමිතියකට ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවාද කියලා. මොකද උඹලගේ අම්මලා අප්පලා හදන ඒවා නෙමෙයි ගල් අඟුරු. ගල් අඟුරු කියන්නේ ස්වාභාවිකව මහ පොළොවේ හැදෙන ඛනිජයක්. ඕකේ එක එක ලෙවෙල්ස් තියෙන්නේ. උඩ හාරලා යටට යන කොට වෙන වෙන ලෙවෙල්ස් තියෙන්නේ.
සාම්පල් එකක් කවදාවත් එවන්න බෑ. ලොකේ කිසිම එකෙක් පාවිච්චි නොකරන පරිසරයට මිනිස්සුන්ට අහිතකර මේ මගුල (ඕන, නොරෙච්චෝලේ බලාගාරය) මෙහෙට ගෙනා එවුන් උත්තර දීපල්ලා බලන්න. ගල් අඟුරු තාච්චි 10ක් ගත්තොත් තාච්චි 10ම තියෙන්නේ ප්‍රමිති දහයක්.”