කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා බුද්ධි තොරතුරු ලබාදෙමින් පූර්ණ දායකත්වය ලබාදුන් හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට පැටලවීමට උත්සාහ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නි. පොලිස්පති ශානි අබේසේකර බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.
ශානි අබේසේකර යනු නිදහස් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වේදිකාවකට ගොඩවෙමින් එම පක්ෂයට සම්බන්ධ සංවිධාන පිහිටුවා ගෙන කටයුතු කොට ඔවුන් ජයග්‍රහණය කළ පසු CID ප්‍රධානි තනතුරට පත් පළමු පුද්ගලයා බව ඔහු ප්‍රකාශ කරයි.
සමාජ මාධ්‍යවල වළං ශානි යැයි හඳුන්වන මොහු රංජන් රාමනායකගේ නිවසේ වළං හේදීමට සූදානම් බව සහ සිය නිවසේ සිටි පුතුන් පාස්කු ප්‍රහාරය එල්ල කළ බව පියා වන ඊබ්‍රාහිම් නාන නොදැන සිටීමට හේතුවක් නැතැයිද පවසන දුරකතන සංවාදයක් සමාජමාධ්‍යවල ඇතැයිද ප්‍රියංකර මහගම්මුල්ලගේ සඳහන් කරයි.
එසේ කී ශානි අබේසේකරට ඊබ්‍රාහිම් හොඳ මිනිහෙක් වී සුරේෂ් සලේ නරක් වී ඇතැයිද හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට CIDය තුළ ඉතාම අමානුෂික ලෙස සලකමින් ඔහු කායික මානසික ලෙස වධවේදනාවට ලක්කරමින් ආණ්ඩුවට උවමනා ප්‍රකාශය ගැනීමට උත්සාහ කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.
යුද්ධය නිමාකර උතුරේ දකුණේ දහස් ගාණකට ජීවිත දානය දෙන්නට මූලිකත්වය ගත් රණවිරුවෙකුට මෙලෙස අකෘතඥ ලෙස සලකන ආකාරය ජාතියකට නිහඬව බලා සිටිය හැකිදැයි ප්‍රියංකර මහගම්මුල්ලගේ ප්‍රශ්න කරයි.
ආණ්ඩුව විමර්ශන කර නඩු පවර වරදකාරු සෙවීමේ කිසිදු වරදක් නැති වුවද සුරේෂ් සලේ රඳවා තබාගෙන සිදුකරන අසාධාරණ ම්ලේච්ඡ ක්‍රියාව නතර කළ යුතු බවත් ඊට එරෙහිව තමන් දිගින් දිගටම පෙනී සිටින බවත් හෙතෙම අවධාරණය කරයි.