ලංකාවේ ගෑස් තෙල් නිධි පහක් තියෙනවා… ඒවා ටික කලකින් ගොඩගන්නවා… එතකොට පිටරට ඉන්ධන ගොඩක් ඕන නෑ…! – මුදල් නි. ඇමති අනිල් ජයන්ත…

March 13, 2026 at 1:02 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ තෙල් සහ ගෑස් නිධි පහක් හඳුනාගෙන ඇති බවත් ඉන් නිධි තුන හතරක සැලකිය යුතු ප්‍රමාණයක ඉන්ධන පවතින බව පර්යේෂණ දත්ත මගින් තහවුරු වී ඇති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කරයි.

“දැන් තිබෙන ප්‍රශ්නය තෙල් තිබෙනවාද නැද්ද යන්න නෙමෙයි. තෙල් ඇති බව දත්ත මගින් ඔප්පු කර තිබෙනවා. දැන් අප ඉදිරියේ ඇති කාර්යය වන්නේ එම තෙල් ගොඩගැනීමේ යාන්ත්‍රණය සකස් කිරීමයි’

ලංකාවේ එහෙම ඉන්ධන නිධි ප්‍රමාණයක් තියෙනවා. එහෙම සොයාගෙන තියෙනවා. ඒ නිධි පහක් හොයාගෙන තියෙනවා. එහයින් දැනටමත් තුනක වගේ ප්‍රමාණය හතරක ඉඳන තියෙන බවට සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.

ඒ දත්ත පර්වේෂණ මගින් හොයාගෙන හිතිනාවා. ඒ ඉන්න කණ්ඩායම ඒ විද්වත් කණ්ඩායම ඉතා විශ්වාසයෙන් කියනවා මේක තෙල් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි තෙල් තියෙන බව දත්තවලින් ඔප්පු කරලා තියෙනවා.

දැන් තියෙන තෙල් ටික ගොඩගැනීමේ යාන්ත්‍රණය තමයි මේ කරන්න යන්නේ. ඉතින් ඒකට යම් කාලයක් යාවි. ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරියේදී එහි ප්‍රතිඵලය ලැබීම තුළින් සමස්තයෙන්ම ඉන්ධන ගෑස් පිට රටින්ම යැපීම යම්තාක් දුරට අපිට අඩු කරගන්න පුළුවන් වෙයි.”

ස්වාධීන රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *