තෙල් මිල වැඩි කිරීම ඉතාම සාධාරණයි… අඩුවෙන්ම වැඩි වුණේ ලංකාවේ…! – සංජය මහවත්ත…

March 12, 2026 at 4:59 pm | by emanisa.lk

ලෝක වෙළඳපොළේ තෙල් මිල වේගයෙන් ඉහළ යන විට ලොව අඩුම ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි වී ඇත්තේ සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත අවධාරණය කරයි.

“මේ වන විට දැවැන්ත යුද්ධයක් ගල්ෆ් කලාපය හරහා ඇති වෙමින් තිබෙනවා. බොරතෙල් බැරලයක මිල 37%කින් පමණ වැඩි වී තිබෙනවා. පෙට්‍රල් 75%කිනුත් ඩීසල් 99%කිනුත් වැඩිවෙලා.

නමුත් රජය ඩීසල් මිල වැඩි කරලා තියෙන්නේ 7.8%ක් විතර. පෙට්‍රල් 8.2%කින් වැඩි කරලා. සුපර් ඩීසල් 7.3%කිනුත් භූමිතෙල් 7.1%කිනු වැඩි කරලා.

ලෝකයට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රතිශතයකින් තමයි අඩු කරලා තියෙන්නේ. ලංකාවේ මෙහෙම වුණාට ඕස්ට්‍රේලියාවේ 70%කින් වැඩි වෙලා. පාකිස්තානේ 20%කින් විතර වැඩි වෙලා. ලංකාවේ තමයි අඩුවෙන්ම තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. මේක රජය ගත් අසාධාරණ ජනතාවට වැඩි බරක් දෙන්න ගත් තීන්දුවක් නෙමෙයි.”

මාධ්‍ය හමුවක් අමතමින් සංජය මහවත්ත මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *