වික්‍රමසිංහලා භාරදීලා ගියේ බංකොලොත් රටක්… මිල වැඩි වුණත් දිගටම විදුලිය සහ ඉන්ධන දෙනවා…! – නලින්ද ජයතිස්ස…

March 12, 2026 at 3:34 pm | by emanisa.lk

පසුගිය පාලන සමයේදී බංකොලොත්භාවයට පත් කළ මෙරට ආර්ථිකය, වර්තමාන රජය විසින් ක්‍රමානුකූලව ස්ථාවර කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

රාජපක්‍ෂලා, වික‍්‍රමසිංහලා ඇතුළු පසුගිය පාලකයන් මැතිවරණවලින් පරාජය වී යන විට ශක්තිමත් ආර්ථිකයක් හෝ පිරිණු භාණ්ඩාගාරයක් ඉතිරි කර නොගිය බවත්, ඔවුන් රට බංකොලොත් කර තිබූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එවැනි පසුබිමක් තුළ වැටී ඇති රට ගොඩනැගීමේ අභියෝගය රජය භාරගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, ජනතාව මත අධික බරක් පටවන්නේ නැතිව සහ නිෂ්පාදන මාර්ග අහුරා නොදමා ආර්ථිකය ඉදිරියට ගෙන යාම රජයේ ප්‍රතිපත්තිය බවයි.

මිල යම් ප්‍රමාණයකට වැඩි වුවද, විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව සැපයීම රජයේ ප්‍රධානතම කාර්යභාරය සහ ඉලක්කය වී තිබේ. සංචාරක ව්‍යාපාරය, ඩොලර් ආදායම් මාර්ග සහ අනෙකුත් නිෂ්පාදන ක්‍රියාවලීන් සියල්ල මෙම බලශක්ති සැපයුම මත රඳා පවතින බැවින්, එම මාර්ග අවහිර කිරීමට රජය කිසිසේත් සූදානම් නැති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *