විදේශ ඇමතිකම හරිනිට නොදී විජිතට දුන්නේ ජවිපෙ ගොං චින්තනය නිසායි..! – උවඳු කුරුකුලසූරිය….

March 11, 2026 at 7:02 pm | by emanisa.lk

හරිනි අමරසූරියට විදේශ ඇමති ධුරය නොදී විජිත හේරත්ට එය දුන්නේ ජවිපෙ සෙසු රටවල් සමග විදේශ සබඳතා තබාගත යුතු බවට දැරූ ගොං චින්තනය නිසා බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

“මෙතන තියෙන්නෙ ඉම්ගිලිසි ප්‍රශ්නයක් නෙමෙයි. හීනමානය​. ලක්‍ෂමන් කදිරගාමර් පක්‍ෂ දේශපාලනය කරපු කෙනෙක්ද​? නැහැනෙ! චන්ද්‍රිකා ලක්‍ෂ්මන් කදිර්ගාමට 94දි විදේශ ඇමතිකම දෙනකොට චන්ද්‍රිකාට කිසිම හීනමානයක් තිබ්බෙ නැහැ.

ඒ කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තමා විදේශ රටවල් එක්ක – තමන්ගේ පක්‍ෂයම සම්බන්ධතාව තියාගන්න ඕන කියල​. මෙතන අනුර කළේ, නැත්තං ජවිපෙ කළේ තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට විදේශ ඇමතිකම දෙන්න ඕන කියන එක​.

ඒ චින්තනය වැරදියි. විදේශ ඇමතිකම හරිනිට දෙන්න තිබ්බෙ. නමුත් පක්‍ෂයට තමා රටවල් එක්ක සම්බන්ධය තියාගන්න ඕන කියන ගොං චින්තය නිසා තමා හරිනිට නොදී විජිතට දුන්නෙ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය​.

ඉම්ගිලිසි පස්නයක් නෙමෙයි! හරිනිව විශ්වාස කළේ නැහැ ජවිපෙ කෙනෙක් නොවුන නිසා. ගොං අධ්‍යාපන ඇමතිකම නෙමෙයි හරිනිට දෙන්න තිබ්බෙ. මම ඕව ගැන සාකච්ඡාවල ඉඳල තියෙනව​, ඒ නිසා මට තේරෙනව මොකද වුණේ කියල​.”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *