ආණ්ඩුව තෙල් මිල වැඩි කළේ කළුකඩ මුදලාලි කෙනෙක් වගෙයි..! – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා…

March 10, 2026 at 3:12 pm | by emanisa.lk

ඩොලර් 115 ඉක්මවා ඉහළ ගිය බොරතෙල් බැරලයක මිළ මේ වන විට ඩොලර් 85-90 අතර මිලකට පහත වැටී ඇතැයි වයඹ විශ්වවිද්‍යාලයේ ගණාකාධිකරණ පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

ආණ්ඩුවම ප්‍රකාශ කළ පරිදි මාසයක් සඳහා තෙල් සංචිත රටේ ඇති බැවින් පෙට්‍රල් ඩීසල් සඳහා මෙම දරාගත නොහැකි මිල නැංවීම සිදුකර ඇත්තේ රටේ පැවති තෙල් සඳහා බවද ඔහු අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා අනුව මාසය මුල මිල සංශෝධනය කර ඇති පසුබමික බවද හෙතෙම පෙන්වා දෙයි.

එවැනි පසුබිමක ආණ්ඩුව කටයුතු කර ඇත්තේ කළුකඩ මුදලාලි කෙනෙකු මෙන් බවට චෝදනා කළ මහාචාර්යවරයා, මේ නිසා සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනයද විශාල වශයෙන් ඉහළ යනු ඇති අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *