අපේ ලේ නහරවල දුවන්නේ බෞද්ධ සිතුම් පැතුම්…! – නි. ඇමති එරංග ගුණසේකර….

March 9, 2026 at 2:44 pm | by emanisa.lk

සිය ලේ නහරවල ගමන් කරන්නේ බෞද්ධ සිතුම් පැතුම් බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

“ජීවිතය ගොඩනගා ගැනීමට බෞද්ධාගමික ඉගැන්වීම් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා සහකම්පනයෙන් යුත් පුරවැසියෙක් වගේම අන් අයට ආදරය, කරුණාව දක්වන සමාජ තලයක් නිර්මාණය වෙනවා.

අපරාධ විතරක් බලාපොරොත්තු වන පිරිසක් රටේ ඉන්නවා. රජය සැලසුම් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කිව්ව බොරු හැමෝම දැන් දන්නවා.

අම්මලා, තාත්තලා විභාග කරන එක නතර කළ යුතුයි. ශිෂ්‍යත්ව විභාගය, සාමන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට මව්පිය මැදිහත්වීම, ගුරු මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය මූලික අධ්‍යාපනය දෙන්න කටයුතු කළ යුතුව තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රැන්ඩියාවත්ත ශ්‍රී ධම්මිකාරාමයේ පැවති උත්සවයකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *