මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (09) වන විට ඇමරිකානු ඩොලර් 119.50ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
මෙය බොරතෙල් මිල ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම මිල ඉහළ යෑම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119.50ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 119.48ක් දක්වා වැඩිවී තිබේ.
ඊයේ වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 108 ක් ලෙස පැවතියද ගෝලීය යුද උණුසුම සහ සැපයුම් දාමයට බාධා එල්ලවීම හේතුවෙන් තෙල් මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත.