වර්තමානයේ ඇමරිකාව ඊශ්‍රායෙලය සහ ඉරානය අතර මතුව ඇති යුද්ධය නිමාවට පත්වන්නේ ලෝකයට ධනාත්මක පිළිතුරු ලබා දෙමින් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
පළමු සහ දෙවන ලෝක යුද්ධ නිමාවූයේද ඒ ආකාරයට බව ඔහු සඳහන්කරයි.
දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී සංවිධාන ගොඩනැගුණද දැන් එහි කාර්යභාරයද අවසන බවත් දැන් නව පිළිතුරු අවශ්‍ය බවත් ලාල්කාන්ත ප්‍රකාශ කරයි.