බාල ගල් අඟුරු පාඩුව අයකරගන්න බැරිවන හැඩ… දේශීය නියෝජිත සමාගම අප්‍රකටයි… සමාගම් අධ්‍යක්ෂ භික්ෂුවක්….!

March 4, 2026 at 4:08 pm | by emanisa.lk

ලංකාවට බාල ගල් අඟුරු ගෙන ආ ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයන් ලෙස කටයුතු කරන්නේ හක්මන නන්දාලෝක හිමි, අනුරාධ ඕෂධී හේරත්, ශානික කුමාරි, සනත් ජයසුන්දර, රඛිත රාජපක්ෂ ආදීන් ප්‍රධානත්වය දරන සමාගම් කිහිපයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

මෙවැනි දැවැන්ත ගනුදෙනුවක දේශීය නියෝජිතයන් ශක්තිමත් ආර්ථික පදනමක් සහිත අදූෂිත පිරිස් වුවද මේ ඇතැමුන් අන්ත දූෂිතයන් බවද මෙවැනි සමාගම් සැබවින්ම අත්දැයි සොයා බැලිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

මෙම ගනුදෙනුව නිසා දැනටමත් රුපියල් බිලියන 8කට අධික පාඩුවක් සිදුව ඇති බවත් එම පාඩුව පියවා ගැනීමට නඩු පැවරීමට සිදුවන්නේ මෙම දේශීය නියෝජිතයන්ට බැවින් ඔවුන්ගෙන් මෙම මුදල් අයකර ගත හැකිද යන්න සොයා බැලිය යුතුව තිබූ බවත් අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *