ඉරාන උත්තරීතර නායක කමේනි සහ පවුල මරුට…!

March 1, 2026 at 6:38 am | by emanisa.lk

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුබුරා ද ඝාතනයට ලක්ව ඇති බව ඉරාන විප්ලවීය බලකායට (IRGC) අනුබද්ධ ‘ෆාර්ස්’ (Fars) පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ. එසේම ඊශ්‍රායල ද මෙම තොරතුරු තහවුරු කර ඇත. ඉරාන නිල පුවත් සේවයද මෙම වාර්තාව තහවුරු කර ඇති අතර රටට දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *