පරාජය ගැන ජයසූරිය කනස්සල්ලෙන්… පුහුණුකරු ධුරයට සමුදෙයි…!

February 28, 2026 at 10:39 am | by emanisa.lk

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය ලෙස අද (28) පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් තරඟය වනු ඇත.

ඔහු මෙලෙස සමුගැනීමට තීරණය කර ඇත්තේ කණ්ඩායම ලැබූ පසුබෑම හමුවේ දැඩි කනගාටුවෙන් බවත් පැවසෙයි. 2023 වසරේ දෙසැම්බර් මාසයේදී සහාය උපදේශක ලෙස සිය සේවය ආරම්භ කළ ජයසූරිය, 2024 ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය හිමිවීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ක්‍රීඩා ලෝලීන් විශාල බලාපොරොත්තුවක් තබා සිට අතර කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙතැයි බොහෝ දෙනා විශ්වාස කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *