මම ජෙනරල් සලේව දන්නෙ 2006 ඉඳල. ඒ කාලෙ එල්ටීටීඊ එකත් එක්ක සාම ගිවිසුම්….. ප්‍රභාකරන් මාවිල් ආරු වහල යුද්දෙකට පාර කපා ගන්න ඔන්න මෙන්න….
සාම කාලෙ හින්ද එල්ටීටීඊ එකෙන් හමුදාව හොඳටම අපහාස විඳගෙන ඉවසගෙන හිටපු කාලයක්….
කර්නල් මුතාලිෆ් සහ මීඩින් තමයි ඒ කාලෙ බුද්ධි අංශ නිලධාරීන් විදියට ප්‍රසිද්ධ….
මිලේනියම් සිටි සේෆ් හවුස් එක ගැන දැනගෙන එල්ටීටීඊ පිස්තෝල ටීම් එක ලංකාව පුරාම සක්‍රීය වෙලා හිටපු කාලෙ… මෙන්න මේ කාලෙදි තමයි සලේ භූමිකාව රටට වැදගත් වෙන්න පටන් ගන්නෙ…
සලේ කියන්නෙ…….
???? දිගු දුර මෙහෙයුම්වලට එල්ටීටීඊ එක ඉන්න කඳවුරු හොයාගන්න අවශ්‍ය තොරතුරු විශේෂ බලකායට සහ කමාන්ඩෝ බලකායට ලබාදෙන්න අවශ්‍ය චන්ද්‍රික ඡායාරූප තාක්ෂණය ලංකාව තුළ ස්ථාපිත කරන්න මූලික වෙච්ච සාමාජිකයෙක්..
???? කෆීර් මිග් වගේ ගුවන් යානා භාවිත කරල එල්ටීටීඊ කඳවුරු සුනුවිසුනු කරල දාන්න Air Force එකට අවශ්‍ය තොරතුරු (Target) ලබාදුන්න ඡායාරූප බුද්ධි අංශය ආරම්භ කරන්න මූලිකත්වය අරගෙන වැඩ කරපු නිලධාරියෙක් (එල්ටීටීඊ දේශපාලන නායක තමිල් සෙල්වම් මැරුනෙ එහෙම ප්‍රහාරයකින්)
???? එල්ටීටීඊ එකේ පාවෙන අවි ගබඩා වුණ යුදෝපකරණ එන නැව්වල ගමන් මාර්ග පිළිබඳව නිවැරදිව හඳුනාගන්න අවශ්‍ය තාක්ෂණය ලංකාවට ලබාගන්න පුරෝගාමී නිලධාරියෙක් …..( විනාශ කරපු නැව්වල ගමන් මාර්ගය සහ එන යුදෝපකරන පිළිබඳව කල් තියා හඳුනාගෙන ඒව විනාශ කරන්න තොරතුරු දුන්නෙ යුද්ධ හමුදා බුද්ධි අංශය)…
???? එල්ටීටීඊය චන්ද්‍රිකා තාක්ෂණය හරහා සිදුකරන සන්නිවේදන කටයුතු අනාවරනය කරගන්න අවශ්‍ය තාක්ෂණය ලංකාවට ලබාගන්න මූලික වෙච්ච නිලධාරියෙක්….
???? මානුෂීය මෙහෙයුමෙන් බේරගන්න ලද සියලුම එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කරල සමාජගත කිරීමේ ක්‍රමවේදය සකස් කරන්න මූලික වෙච්ච නිලධාරියෙක්…
???? විදේශවල නැංගුරම් දාල තිබුණ එල්ටීටීඊ අවි ගබඩා අඩංගු නැව් අත් අඩංගුවට ගන්න මූලික වෙච්ච නිලධාරියෙක්…
???? ප්‍රභාකරන්ගෙන් පස්සෙ එල්ටීටීඊ නායකය විදියට කටයුතු කරපු කේපී ඉතා සූක්ෂ්ම බුද්ධි මෙහෙයුමකින් අත්අඩංගුව්ට අරගෙන ලංකාවට අරගෙන ඇවිත් දෙමළ ළමුන්ගේම යහපත උදෙසා කටයුතු කරන සමාජ සුබසාධකවරයකු බවට පරිවර්තනය කිරීමට කටයුතු කරපු නිලධාරියෙක්…
???? 2009 මානුෂීය මෙහෙයුමෙන් පස්සෙ එල්ටීටීඊය අවස්ථා 15ක විතර කුඩා කණ්ඩායම් විදියට සංවිධානය වීගෙන ආවත් ඒව සියල්ලම ආරම්භක අවස්ථාවෙදිම ව්‍යර්ථ කරන්න මූලික වුණ නිලධාරියෙක්…
???? එල්ටිටීඊ නායකයන් ඇතුළු ඉහළ පෙලේ සාමාජිකයන් ලොකු ප්‍රමාණයක් ලේ නොහලා නිවැරදි මගට යොමු කරගත්ත බුද්ධි නිලධාරියෙක්…
මේ ජෙනරල් සලේ කරපු වැඩවලින් අතලොස්සක් විතරයි…
රටක පැවැත්මට අදාල බුද්ධි කරුනු ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා..
1. Tactical Intelligence
2. Operational Intelligence
3. Strategic Intelligence කියල
කර්නල් මුතාලිෆ් සහ කර්නල් මීඩින් සම්බන්ධ වුණේ ඔය කිව්ව කරුණුවලින් උඩ දෙකට විතරයි (Tactical Intelligence and Operational Intelligence). ඒ වුණාට ජෙනරල් සලේ ඔය තුනටම හොඳ දක්ෂයෙක්.
වැඩිය සද්ද බද්ද නැති තමන්ගේ පවුල් ජීවිතයට වඩා රාජකාරි ජීවිතය ගැන ලොකු උනන්දුවකින් වැඩ කරන නිලධාරියෙක්…
ඒ කාලෙ හුඟක් බුද්ධි නිලධාරීන් තමන්ගේ ආරක්ෂාවට පිස්තෝල පාවිච්චි කළා…ඒ වුණාට ජෙනරල් සලේ පිස්තෝල පාවිච්චි කළේ නැහැ. උදේ 7.30 වෙනකොට ඔෆිස් එකට ඇවිල්ල රෑ 8 ට විතර ගෙදර යන චරිතයක්…
නිලතල ගැන වැඩි උනන්දුවක් නැති කම්කරුවගේ ඉඳල ඉහළම නිලධාරියා දක්වා වෙනසක් නැතිව එක විදියට සලකන උසස් මනුස්ස ගති තියෙන මිනිහෙක්… ඔෆිස් එකේ සුලු සේවකයකුගෙ ප්‍රශ්නයකදි වුණත් ඒ ප්‍රශ්නෙ තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන පුළුවන් උපරිමයෙන් උදව් කරන නිලධාරියෙක්….
වෙනස් විදියට හිතන, තමන්ගේ ජීවිතයටත් වඩා රටට ආදරය කරන මනුස්සයෙක්… තමන්ගේ දරුවන්ට සහ රටේ දරුවන්ට එකම විදියට සලකන උතුම් මනුස්සයෙක්. චැනල් 4 වීඩියෝව හරහා පිට රටවල්වල මිනිස්සු ජෙනරල්ට චෝදනා කරන එක ගැන මම පුදුම වෙන්නෙ නැහැ… ලංකාව අස්ථාවර කරන්න නම් ජෙනරල් සලේ වගේ මිනිස්සු අයින් කරන්නම ඕන…
මට දුක තමන්ගේ ජීවිත කාලෙම රට වෙනුවෙන් කැප කරපු මිනිහෙකුට ලංකාවේ ඉන්න ඇතැම් මිනිස්සු නිවැරදිව කරුණු කාරණා සොයා නොබලා ජෙනරල්ට චෝදනා කරන එක ගැන…පුදුම වෙන්න දේකුත් නැහැ. මේක ජෙනරල්ට චෝදනා එල්ල වෙන පලවෙනි අවස්තාව නෙවෙයි…එක අතකින් මේක ජෙනරල්ටත් හොඳ පාඩමක්.. මිනිස්සු කොයි වගේද කියල ඉගෙන ගන්න….
… …..
වසන්ත රණසිංහ