ලෝකයේ බාල ගල් අඟුරු යනුවෙන් දෙයක් නොමැති බවත් විපක්ෂය පට්ටපල් බොරු කියමින් ජනතාව මුලා කරන බවත් හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර පවසයි.
“ලෝකයේ බාල ගල් අඟුරු කියලා ජාතියක් නෑ. අපි දන්නවා මේක පොළොවෙන් ගන්නේ. එක තැනකින් කැපුවාම තව තැනකින් කැපුවාම සමහර විට විවිධ වෙන්න පුළුවන්. බාල ගල් අඟුරු කියලා ජාතියක් නෑ. දහන ප්‍රමාණයේ යම් වෙනසක් වෙන්න පුළුවන්.
මේක බංකොලොත්වෙච්චි දේශාපලකයෝ වැලේ වැල් නැතිව එල්ලෙන්න හදපු බොරුවක්. මේ විපක්ෂේ මන්ත්‍රීලා කියනවා බාල ගල් අඟුරු දැම්මාම නොරෙච්චෝලේ මැෂින් ටර්බයින්වලට හානි වෙනවලු. යකෝ මුන් වගේ ගොං බූරුවෝ. මැෂින්වලට ගල් අඟුරු දානවාද?
බොයිලේරුවට ගල් අඟුරු දාලා ගල් අඟුරු රත් වුණාම ඒකෙන් විදුලිය උත්පාදනය කරන්නේ. බොයිලේරුව ඇතුළේ මැෂින් එකක් තියෙනවාද? ඒකෙන් කරන්නේ මේක දහනය කරන එක. ඒකවත් දන්නේ නැති විපක්ෂේ උන් ටිකක් තමයි මේක අල්ලගෙන දඟලන්නේ.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.