මහින්ද නොරෙච්චෝලේ බලාගාරේ හදපු තැන වැරදියි… මේ ගැටලුවලට මුල ඒක…! – බලශක්ති නි. ඇමති…

February 25, 2026 at 12:37 pm | by emanisa.lk

නොරෙච්චෝලේ විදුලි බලාගාරය පිහිටුවා ඇත්තේ නිවැරදි ස්ථානයක නොවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලයාස් පවසයි.

“හැමදාම විපක්ෂෙට චෝදනා කරනවා කියලා හිතන්න එපා. අපට ඇත්තටම කියන්න වෙනවා. නොරෙච්චෝලේ බලාගාරේ ගහලා තියෙන්නේ නොරෙච්චෝල. එතන අපට වරායක් නෑ. එතන තියෙන්නේ පොඩි බහාළුම් ස්ථානයක්. පළවෙනිම වැඩේ බලාගාරේ ගහපු තැන වැරදියි.

අපට වාරකන් කාලේ මග හැරලා තමයි ගල් අඟුරු ටික ගේනන ඕන. අපට තියෙන කාලය ඉතාම සීමිතියි. දවස් පහෙන් පහට නැව් ටික එන්න ඕන. දවස් පහෙන් පහට නැව් එද්දි උපරිම නැව් 38-40ක් තමයි අපට එක වාරයකට ගේන්න පුළුවන්. දවසක් මිස් වුණත් අපට අවශ්‍ය නැව් ප්‍රමාණය ගෙන්න ගන්න බැරිවෙනවා.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *