ආණ්ඩුව බුදු සසුන වනසනවා…. බුද්ධ ශාසන ඇමති ෆාස්ටර් කෙනෙක්… නි. ඇමති මරක්කලයෙක්….!

February 20, 2026 at 2:46 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව සම්බුද්ධ ශාසනය විනාශ කරන තැනට පැමිණ ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

බුද්ධ ශාසන ඇමතිවරයා කතෝලික ආගමේ ෆාස්ටර්වරයෙකුද යන සැකය මතු වන බවත් බුද්ධ ශාසනය ගැන කිසිවක් නොදන්නා ඔහු දන්නේ ෆාස්ටර්ලාගේ කටයුතු පමණක් බවත් එහිමියන් ප්‍රකාශ කරයි.

මරක්කල බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමතිවරයා බුදු සසුන ගැන කිසිවක් නොදන්නා බවත් රටේ සියලුම පන්සල්වල භික්ෂූන් වහන්සේලා පාරට බැස්සොත් මාලිමා මැති ඇමතිවරුන්ට දුවන්න පාර මදිවන බවද සීලරතන සඳහන් කරයි.

බුද්ධ ශාසනයට අත තැබූ සියලු දෙනා අතුගෑවි හේදි යන බවටත් බත්තරමුල්ලේ සීලරතන හිමි අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *