මෙතෙක් කල් මෙරට පාලකයන් අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ හාල් මැස්සන් පමණක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
එහෙත් වර්තමා ආණ්ඩුව මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදෙස්ගත සිටින මෝරුන් හඳුනාගෙන ඊට පහර දී ඇතැයිද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මෙම ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් විදෙස් රටවල අත්අඩංගුවට පත්ව ඇති බවත් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කරයි.
මේ වන විට ලංකාවේ ආණ්ඩුව දැන් පංගුපේරුවකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන නිසා එම ජාවාරම්කරුවන් තමන් අමාරුවේ වැටී සිටින බවත් අමාත්‍යංශයට පැමිණ භාරවන්නට අවස්ථාවක් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා හෙළිකරයි.
නි. ඇමති සුනිල් වටගල මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුව අමතමිනි.