ගෑස් ඕන තරම් තියෙනවා… කිසිම හිඟයක් නෑ…කලබල වෙන්න එපා….! – ලිට්‍රෝ සමාගම…

February 19, 2026 at 1:40 pm | by emanisa.lk

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින බවයි.

ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසට එම සමාගම ඉල්ලා සිටියි.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *