මාලිමා ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු සිය පාර්ලිමේන්තු වැටුප නොගන්නා බව ප්‍රකාශ කළද ඔවුන් සියලු දෙනා කිසිදු අඩුවක් නැතිව එම වැටුප ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
අගමැතිනි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත අනුව පාර්ලිමේන්තුවේ වැටුප් නොගෙන කටයුතු කරන්නේ සජබ නයන වාසලතිලක මන්ත්‍රීවරයා පමණක් බව තහවුරු වන්නේ යැයි ඔහු පෙන්වාදෙයි.
සිය ජනවරම අනුව කටයුතු කරන බව ආණ්ඩුව නිතර ප්‍රකාශ කළද කිහිප දෙනෙකු පෙට්‍රල් දීමනාව ලබා නොගැනීම හැර සෙසු සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් ඇතැයිද චමින්ද විජේසිරි ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.