මත්තල අධිවේගයේ ජනාධිපතිට බැන්න පහක් අත්අඩංගුවට….!

February 19, 2026 at 9:42 am | by emanisa.lk

මත්තල අධිවේගි පිවිසුමේ දී එහි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ජනාධිපතිවරයාට බැන වැදුණ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු මෙම මස 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

බස් රථයක පැමිණි මෙම පිරිස ආසන පටි නොමැතිව අධිවේගී මාර්ගයට බස් රථය ඇතුළු කිරීමට උත්සාහ කිරීම සහ පොලිස් රාජකරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ආසන පටි පැළඳීමකින් තොරව බස් රථය අධිවේගී මාර්ගයට ඇතුල් කිරීමට ඉඩ දිය නොහැකි බව එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් පොලිස් නිලධාරීන්ට හා ජනාධිපතිවරයාට ද අපහාසාත්මක අයුරින් බැන වැදුන බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින් පොලිසියට සහ ජනාධිපතිවරයාට බැණ වදිමින් එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එම සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු පෑලියගොඩ රථවාහන කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටාන පොලීසිය මාර්ගයෙන් හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

ඒ අනුව ඔවුන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එදින ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස