ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ.. ලංකාවේ ICC මැච් ගහනවා… සංචාරකයෝ පිරිලා… හොටෙල් මදිවෙලා රෝහල් රූම් අරන්…! – ඇමති බිමල් රත්නායක…

February 18, 2026 at 9:51 am | by emanisa.lk

නීතිඥයෙකු ඝාතනය කිරීම පදනම් කරගෙන ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බවට සභානායක, අමාත්‍ය බිමල් රත්නායක චෝදනා කරයි.

ඇමතිවරයා ප්‍රශ්න කරන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ICC ක්‍රිකට් තරඟයක් ලංකාවේ ක්‍රීඩාකරනු ඇතිද කියාය.

ක්‍රිකට් ක්‍රීඩකයන් අතිවිශාල මුදලකට රක්ෂණය කර ඇති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් පෞද්ගලික ගුවන්යානා රැගෙන ලංකාවට නොඑන බවත් ඔහු අවධාරණය කරයි.

සංචාරකයන්ට හොටෙල් ප්‍රමාණවත් නැතිව රෝහල් කාමර පවා ගෙන ඇතැයිද ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරඟය ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳම සහතිකය බවත් බිමල් රත්නායක පෙන්වා දෙයි.

ඊයේ (17) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *