මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියෙන් බිහිවන්නේ දූෂිතයන් සහ වහලුන්…! – දිලිත් ජයවීර….

February 17, 2026 at 3:46 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ආණ්ඩුව ගෙන එන්නේ සිය පක්ෂය අතහැර ගිය 70කට අධික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පළිගැනීමේ දුෂ්ට චේතනාවෙන් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

මින්පසු සාමාන්‍ය පන්තියේ පුරවැසියෙකුට පාර්ලිමේන්තුවට පැමිණ හොරකම් නොකර ජනතාවට සේවය කිරීමේ අවස්ථාව අහිමි වන බවත් සිය අනාගතය ගැන සිතා හොරකම් කිරීමට ඔහුට අනුබල දෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එවිට වර්තමානයේ මෙන් ගල් අඟුරු, ලූනු, කන්ටේනර් වංචා සිදුකර පක්ෂ අරමුදල පුරවාගත හැකි නමුත් ජවිපෙ චන්දිකා, මහින්ද, රනිල් ආදී ඕනෑම අයෙකු සමග එකතු වන විට වහලෙකු මෙන් ඊට කැමති වන අය පමණක් එම පක්ෂ අරමුදලින් රැකබලා ගන්නා බවත් ඔහු පෙන්වා දෙයි.

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මේ වන විට ජීවත් වන්නේ සහ අවශ්‍ය ඖෂධ ටික ලබාගන්නේ රු. 62000ක් වන සිය විශ්‍රාම වැටුපින් බවත් එය අහිමි වූ විට ඔහු ජීවත්විය නොහැකි තත්ත්වයට පත්වන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

එසේ නම් ප්‍රේමසිරි මානගේ මන්ත්‍රීවරයෙකු ලෙස පක්ෂ අරමුදලට බැර කළ රු. මිලියන 6.7ක මුදල නැවත ඔහුට ලබා දිය යුතු බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි. එහෙයින් ඔහු පෙන්වා දෙන්නේ සියලු දෙනාටම නොවුණද ආර්ථික ගැටලු සහිත පිරිසට මෙම විශ්‍රාම වැටුප හිමි විය යුතු බවයි.

අද (17) පාර්ලිමේන්තුව අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *