බෞද්ධ විරෝධී ප්‍රතිජාතිකවාදී මාලිමාණ්ඩුව ඉඩ ලැබුණු පළමු අවස්ථාවේම පළවා හැරිය යුතු බව සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.
ආණ්ඩුව සමග ඩීල් දමමින් එය කල්දමන නායකයන්ට මෙය කළ නොහැකි බවද ඔහු අවධාරණය කරයි.
රට බංකොලොත් වූ අවස්ථාවේ වේදනාවට පත් ජනතාවගේ වෛරය ඡන්දයක් බවට පත්කරගෙන බලයට ආ ආණ්ඩුව විදුලි බිල ඉන්ධන මිල අඩු කරමින් රට බංකොලොත් කළ දේශපාලකයන් හොරා කෑ ධනය නැවත ගෙනැවිත් රට සුඛිත මුදිත කරවන බවට පොරොන්දු වූ බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වුවද එදා ජනතාවට දුන් පොරොන්දු අමතක කරමින් වසර දහස් ගණනක ඉතිහාසය තමන්ට උවමනා ආකාරයට වෙනස් කරමින් සංඝ සමාජය නින්දා අහාස කරමින් උතුරට සිල් ගැනීමට යන්නේ වෛරයෙන් බව කියමින් සංස්කෘතික ආතතියක් නිර්මාණය කර ඇති බවටද ප්‍රියංකර මහගම්මුල්ලගේ චෝදනා කරයි.
මෙම ජනතා විරෝධී ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදීව අභියෝග කළ හැකි එකම පක්ෂය සර්වජන බලය යැයි තමන් විශ්වාස කරන බවද ඔහු අවධාරණය කරයි.
සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ප්රියංකරමහගම්මුල්ලගේ මේ බව කීය.