අකුරේගොඩ බිහිසුනු ඝාතනය පාතාළ ගැටුමක ප්‍රතිඵලයක්….සුලමුල මෙන්න….!

February 14, 2026 at 6:39 pm | by emanisa.lk

ඊයේ (13) හවස අකුරේගොඩ හමුදා මූලස්ථානට පිහිට අධි ආරක්ෂිත කලාපය ආසන්නයේ වෙඩි තබා ඝාතනය කළ බුද්ධික මල්ලවආරච්චි (45) අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයෙකි. මෙම ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳද ජීවතක්ෂයට පත්විය.

ඔහු කොස්ගොඩ සුජී, ලොකු පැටී සහ කරන්දෙණියේ සුද්දා වැනි පාතාල නායකයන්ගේ නීතිඥවරයා ලෙස කටයුතු කර ඇති අතර ඊයේ දිනයේද ක්ලබ් වසන්ත ඝාතන නඩුවේ ප්‍රධාන චූදිතයා වන ලොකු පැටී වෙනුවෙන් කඩුවෙල උසාවියේ නඩුවකට පෙනී සිට ඇත.

කලක් මිතුරුව සිටි ලොකු පැටී සහ කරන්දෙණියේ සුද්දා පසුකලක අමනාප වීම සහ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි කරන්දෙණියේ සුද්දාගේ නඩු කටයුතු පිළිබඳ තොරතුරු ලොකු පැටීට දුන් බවට වන සැකයක් මත මෙම ඝාතනය කර ඇතැයි පොලිස් බුද්ධි අංශ හෙළිකර ඇතැයි වාර්තා වෙයි.

මෙම නීතිඥයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමේ අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු වන අතර පාතාළ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකුද වීම සමාජ මාධ්‍යවල කතාබහට ලක්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *