එකම රටක් නීති දෙකක්… කෝවිලක් මුහුදින් රැකගන්න නගර සභාව සටනක… බුදු පිළිමෙට නඩු ගිය වෙරළ සංරක්ෂණේ නිහඬයි…!

February 14, 2026 at 5:26 pm | by emanisa.lk

සැඩ රළ හේතුවෙන් තිරිකුණාමලය, පත්තානම්බර් කෝවිල දැඩි ලෙස සමුද්‍ර ඛාදනයට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

මෙම කෝවිල රැක ගැනීම වෙනුවෙනන් තිරිකුණාමලය මහ නගර සභාව මැදිහත්ව ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

දැල් සහිත ගල් වැටී දමමින් සහ තාවකාලික වැලි කොට්ට තබමින් කෝවිල ආරක්ෂා කර ගැනීමට පිරිසක් කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

කෙසේ වුවද තිරිකුණාමලය බෝධිරාජ විහාරයේ සුනාමියට හසුව විනාශ වූ පැරණි ධර්මශාලාවෙහි පාදම මත බුදු පිළිමයක් තැබීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කෝවිළේ හෝ වෙරළ සීමාවේ පිහිටි සිය ගණනක් වන සංචාරක හොටෙල් සඳහා කිසිදු බාධාවක් කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *