ගල් අඟුරු නැව් පහම බාලයි…. රටට වුණ පාඩුව මිලියන 2153යි… දඩය මිලියන 392යි…! – සජිත්….

February 13, 2026 at 7:42 pm | by emanisa.lk

නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගෙන ආ නෞකා පහේම අන්තර්ගත වූයේ බාල ගල් අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ යටිතල පහසුකම් සහ උපායමාර්ගික ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් ඉදිරියේය.

“ඔබතුමන්ලා දීලා තියෙන දත්ත බලන්න. ගහන දඩයෙන් සිදුවුණ පාඩුව සම්පූර්ණ වෙනවාද? දෙවන ගල් අඟුරු නැවේ පාඩුව මිලියන 288.5යි. නමුත් දඩය මිලියන 135.1යි. තුන්වෙනි නැවේ පාඩුව මිලියන 1000යි. දඩය මිලියන 150යි. හතරවෙනි නැවේ පාඩුව මිලියන 865යි. දඩය මිලියන 107යි.

එතකොට මෙතන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඉතාම පැහැදිලියි මේ නැව් ගණනාවකම තියෙන්නේ බාල ගල් අඟුරු කියලා. ඒ කියන්නේ වැඩිපුර ගල් අඟුරු යොදවන්න වෙලා තියෙනවා විදුලිය උත්පාදනයට. වෙනත් මූලාශ්‍රවලට යන්න වෙනවා. ඩීසල් බලගාර දුවන්න වෙනවා. අවසානයේ මේ බර යන්නේ විදුලි පාරිභෝගිකයාට. ඔබතුමන්ලාගේ වාර්තාවලින්ම තහවුරු වෙලා ඉවරයි මේ සියල්ල බාල ගල් අඟුරු කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *