අපි මාළු ඉන්න තැන කියන APP එක ධීවරයන්ට දුන්නා… ගැටලුව මාලු එක තැනක ඉන්නේ නැති එක…! – නි. ධීවර ඇමති රත්න ගමගේ…

February 12, 2026 at 11:53 am | by emanisa.lk

වර්තමාන ජනාධිපති අනුර දිසානායක, ජනාධිපතිවරණයට පෙර සඳහන් කළ මුහුදේ මාලු සිටින ස්ථාන දැනුම් දෙන දුරකතන යෙදවුම මේ වන විට ධිවරයන් ලක්ෂකට අධික ප්‍රමාණයක් බාගතකර ගෙන ඇතැයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

“අපට තියෙන එකම ගැටලුව ඒකෙන් ලැබෙන තොරතුරු. ඒකෙන් පෙන්නන්නේ මාලු ගහනය වැඩි ප්‍රදේශ. මාලු ගහනය නිරන්තරයෙන් වෙනස් වෙනවා. එක තැනක ඉන්නේ නෑ. උෂ්ණත්වය මත වෙනස් වෙනවා. ඊළඟ තප්පරේ වෙනස් වෙනවා.

ඒක ස්වභාවය. එතන තියෙන සුළං රටාව අනුව වෙනස් වෙනවා. ඒ නිසා ඒකට විසඳුමක් හදලා දෙන්න කියලා නාර එකට කීවා. මේක අපේ රජයෙන් කළ එකක් නෙමෙයි. මේක ලක්ෂයකට අධික ධීවරයන් ප්‍රමාණයක් පාවිච්චි කරනවා.”

ඇමති රත්න ගමගේ මේ බව ප්‍රකාශ කළේ සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි. කෙසේ වුවද එම වැඩසටහනට එකතු වූ නීතිඥ තාරක නානාක්කාර ප්‍රකාශ කළේ ඇමතිවරයා අසත්‍ය ප්‍රකාශ කරන බවත් අදාළ යෙදවුම තවමත් බාගත කර ඇත්තේ 500කට අධික පිරිසක් පමණක් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *