ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (11) දින උදෑසන නානුඔය රදැල්ල මාර්ගයේ ගමන් කරමින් සිටින අතර මද වෙලාවක් නැවති අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡා කළේය.
ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කරනු ලැබීය.
මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක මහතා තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා ද බවයි.
ඒ, විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන රටම එකට ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා අද (11) පස්වරුවේ නුවරඑළිය නගරයේදී එක්වීමට යන අතරතුරය.