කාටවත් ඕන ඕන විදිහට අපි ඡන්ද තියන්නේ නෑ…! – නි. ඇමති එරංග ගුණසේකර…

February 11, 2026 at 3:14 pm | by emanisa.lk

ජනවරම ඇත්තේ හොරුන්ට දඬුවම් කිරීමට බවත් ඒ අනුව අපරාධකාරයන් සමග ඇති සබඳතා පිළිබඳ විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ විට කන්ටේනර් හෝ වෙනයම් බොරුවක් කියන බවත් නි. අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

ඔවුන් ඡන්ද තබන ලෙස අභියෝග කළද කිසිවෙකුට උවමනා ලෙස ඡන්ද නොතබන බවද ඔහු පෙන්වා දෙයි.

තව ටික දවසක් වොයිස්කට් දියහැකි වුවද නීතිය ක්‍රියාත්මක වූ පසු වොයිස් කට් දීමට සිදුවන්නේ ඇතුළේ බවත් එරංග ගුණසේකර අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *