කර්මාන්ත අමාත්‍යංශයේ තමන් ගන්නා තීන්දු ක්‍රියාත්මක වන්නේ දැයි නැවත බැලීමේ අවශ්‍යතාවක් ඇතැයි නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ඇමතිවරුන්ට එම කටයුතු පහළ මට්ටම දක්වා ගොස් සොයා බැලීමට සිදුව ඇතැයිද ජනමාධ්‍ය මැති ඇමතිවරුන් පමණක් නොව ලේකම්වරුන්ද ගෙන්වා ප්‍රශ්න කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුවට වැඩබැරි යැයි දැන්ම තක්සේරු කිරීම වැරදි බවත් ඒ සඳහා අවුරුදු 5-10ක කාලය ලබාදියයුතු බවත් චතුරංග අබේසිංහ අවධාරණය කරයි.
ඊයේ (10) සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.