ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අගමැති මොහම්මඩ් ශෙහ්බාස් ශරීෆ් මහතා අමතා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඒ මේ වනවිට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ මෙරටදී පැවැත්වීමට නියමිත පාකිස්තාන – ඉන්දියා තරගය සම්බන්ධයෙනි.
එම ඉල්ලීම ඉතා සුහදශීලී ලෙස පිළිගත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමග මෙරටදී පැවැත්වෙන T20 ලෝක කුසලානයේ තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී කරවීමටයි තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගයට ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එහිදී සිය කෘතඥතාව පළ කර තිබේ.
ආරක්ෂක හේතුන් නිසා වසර ගණනාවක් පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැමිණීම නවතා තිබූ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය අවලංගු නොකර පාකිස්ථානයේ සංචාරය කළ බව අමතක නොවන බව ද එහිදී පාකිස්තානු අගමැතිවරයා සිහිපත් කර ඇත.
මෙම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර කර ඇත.