උපාධි සහතිකත් එපා… මොන රෙද්දක්වත් එපා… රන්වල කතානායක කරන්න…! – රාමනාදන් අර්චුනා…

February 9, 2026 at 12:16 pm | by emanisa.lk

හිටපු කතානායක අශෝක රන්වල නැවත කතානායක ධුරයට පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ආණ්ඩුවෙන් ඉල්ලයි.

“කතානායක ගැන මම ඒ කාලේ කතා කරද්දි මට පිස්සු කිව්වා. මම අංගොඩ වැඩ කළා. මේ වගේ පිරිස්වලට බෙහෙත් දීලා ප්‍රතිකාර කරලා තියෙනවා. දැන් කවුද කාටද ඇනලා ඇරලා තියෙන්නේ. මේ PHI කෙනෙක් ගෙනැල්ලා මෙහෙම මෙහෙම දෙනවා. ලැජ්ජාවක් නැද්ද.

ඕගොල්ලෝ එයා මාරු කරන්න අනේ. අපට අර අශෝක අයියා දෙන්න. එයාගේ සහතිකෙත් එපා මුකුත් එපා. එයා කතානායක පුටුවෙන් තියන්න. එයා ඩිප්‍රෙස්වෙලා වාහනේ හැප්පිලා. ඉතිහාසේ කිසිම කතානායක කෙනෙක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ එක්ක ගැටුම් හදාගෙන නෑ.

පාර්ලිමේන්තුවේ වැඩිම දැනුම තිබුණු චමින්ද කුලරත්න එළියට දාලා. ඔයාට ගෙවල් දෙකක් මොකටද. කාමරයක් ඇතිනෙ. ගෙවල් දෙකක් අරගෙන. පෙට්‍රල් දීමනා දෙකක් අරගෙන. හනිමුන් ගියාද?”

රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *