කිසියම් පිරිසක් විසින් අම්පාර තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාගම පිහිටි කොක්කුලුව පුරාවිද්‍යා ස්මාරක විකෘති කර ඇතැයි වාර්තා වෙයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා සලකුණු කර තිබූ මෙම පුරාවිද්‍යා භූමියේ ස්මාරක කොළ පැහැයෙන් වර්ණ ගන්වා රෙදිවලින් ආවරණය කර තිබේ.
මේ වන විට උතුරු නැගෙනහිර පුරාවිද්‍යා රක්ෂිත දැඩි ලෙස අනාරක්ෂිතව ඇති අතර පුරාවිද්‍යා ස්ථාන වෙනුවෙන් සවිකළ නාම පුවරු පවා ගලවා රැගෙන ගොස් තිබිණි. ඒ වෙනුවෙන් මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගත් බවක් වාර්තා වන්නේ නැත.