මිනිස්සු හිතනවා මාලිමාවේ ඉන්නෙත් හොරු වංචාකාරයෝ කියලා… නමුත් අපි එහෙම නැහැ…! – ඇමති බිමල් රත්නායක…

February 9, 2026 at 9:59 am | by emanisa.lk

විපක්ෂයේ අරමුණ බොරු කියමින් ආණ්ඩුවද තමන් මෙන්ම වැරදි කරන පිරිසක් බව සමාජ මතයක් නිර්මාණය කිරීම බවට අමාත්‍ය බිමල් රත්නායක චෝදනා කරයි.

“එතුමලා වැරදි නිවැරදි කරගෙන අපට වඩා හොඳ මිනිස්සු බවට පත්වෙනවා වෙනුවට බොරු කියලා ඝෝෂා කරලා අපිත් ඒගොල්ලෝ කළ වැරදි කළ කට්ටියක් කියලා කියාගන්න හදනවා. ඒකටම තමයි එයලා මුළු අවුරුද්දම මහන්සි වෙන්නේ.

අපේ රටේ ජනතාව දන්නේ වික්‍රමසිංහලා, ප්‍රේමදාසලා, රාජපක්ෂලාගේ අවුරුදු 40-50ක පාලනයක් නෙ. ඉතින් ජනතාව හිතනවා දේශපාලනඥයෝ කියන්නේ හොරු,බොරු කියන ඥාති සංග්‍රහ කරන සෙට් එකක්. ඒ නිසා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇත්තෙත් එහෙම පිරිසක් කියලා. අපේ එහෙම අය නෑ. අපි ස්වයංව පිරිසිදු කරන පක්ෂයක්.”

ඇමති බිමල් රත්නායක මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *