බස්නාහිර පළාතට අලුතින් ඇවිදින පුස්තකාල දහයක්…!

February 7, 2026 at 7:27 pm | by emanisa.lk

බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේය.

මේ යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා සහ හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා එම ජංගම පුස්තකාල රථ සහ පොත් 9300ක ප්‍රමාණයක් බෙදා දීම සිදු විය.

මෙම ජංගම පුස්තකාල සේවාව මඟින් පාසල් දරුවන්ට සහ පොත්පත් කියවීමට ලැදි ග්‍රාමීය ජනතාවට වඩාත් කාර්යක්ෂම හා නවීන පුස්තකාල අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *