ජනාධිපති අනුර දිසානායක හදිසි ආපදා සහනාධාර බෙදාදීමේ උත්සවයක් සඳහා නුවර ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.
“මෙතුමිය කිව්වා අතිගරු ජනාධිපතිතුමා නුවර ගියා කියලා අනාථ වූ අයට ආධාර කරන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද චොපර් දෙකක තමයි ගියේ. එක චොපර් එකක යනවා ජනාධිපතිතුමා අනික් චොපර් එක යනවා හදිස්සියක් වුණොත් අරයා අර චොපර් එකට පනින්න. ඔබතුමා පොඩ්ඩක් කල්පනා කරල බලන්න.”
අද (06) පාර්ලිමේන්තුව අමතමින් හෙක්කටර් අප්පුහාමි මේ බව කීය.