ඉතිහාසයේ පළමු වතාවට ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කට උත්තරයක් ලබාදුන් අද (03) ඓතිහාසික දිනයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික පවසයි.
“අද ඓතිහාසික දවසක් ලංකාවට. මූල්‍ය අපරාධ කොට්ඨාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ගියා. හැබැයි පළවෙනි වතාවට විමර්ශන ආයතනයකට ගිහින් කට උත්තරයක් දෙන්නේ අද. මේක හොඳ දෙයක් නෙමෙයිද?
මීට කලින් කට උත්තරයක් දුන්නා එක වතාවක්. ඒ 2015 ජුනි පලවෙනිදා. ඒ කට උත්තරේ දුන්නේ එහා පැත්තේ තියෙන කතානායක නිල නිවසේදී.
ඒ වගේම නාමල් රාජපක්ෂ පුත අපරාධ විමර්ශන කොට්ඨාශයට ගිහින් තිබ්බා. පනහක් විතර වට කරගෙන තෙරපි තෙරපි දාඩිය දාගෙන ගියා.”
ඊයේ (03) පාර්ලිමේන්තුව අමතමින් නජිත් ඉන්දික මේ බව කීය.