කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50දෙනෙක් තමන්ට රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙතින් ලැබී ඇති ස්ථාන මාරු සතියක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඊයේ (02) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.
එම ස්ථාන මාරු ලබා නොගන්නා බවට අක්ෂි රෝහලේ වැඩබලන අධ්යක්ෂවරයා දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය චෝදනාවලට ප්‍රතිචාරයක් ලෙස මෙම දැනුම් දීම සිදුකර ඇත.
මෙම ස්ථාන මාරුවෙන් රෝහලේ කටයුතුවලට බාධාවක් නොවනු ඇති බවත් වෛද්‍යවරුන් අපකීර්තියට පත්කරමින් ප්‍රකාශ නිකුත් කළ වැඩ බලන අධ්යක්ෂවරයා එහි වගකීම භාරගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රකාශ අනුව අක්ෂි වෛද්‍යවරුන් නොමැති අක්ෂි රෝහල පවත්වා ගෙන යෑමේ ගැටලුවක් නැතැයි තමන් විශ්වාස කරන බවද එහි දැක්වෙයි.