අනුර 2029ට කලින් ගෙදර… නාමල්ටත් තවම බෑ… මීළඟ නියත ජනපති සජිත්….!

January 31, 2026 at 12:36 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂට මෙරට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ 2029 වසරේදී පවා නාමල් රාජපක්ෂට බලයට පැමිණීමේ හැකියාවක් නොමැති බවයි.

මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බලය ලබා ගත හැකි මට්ටමේ සිටින එකම නායකයා සජිත් ප්‍රේමදාස බවද ඔහු අවධාරණය කරයි.

වර්තමාන ජනාධිපතිවරයාට රට පාලනය කළ නොහැකි බවත් ඔහුට 2029ට පෙර ගෙදර යාමට සිදුවනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *