උපවාස කරලා ලංකාවේ කවුරුවත් මැරිලා නෑ… මැරුණත් අපි වගකියන්නෙත් නෑ…! – මාලිමා මන්ත්‍රී…

January 31, 2026 at 11:05 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ උපවාස කර කිසිවෙකු මියගොස් නැති බවත් එසේ මියගියද ඒ පිළිබඳව වගකීමක් ගැනීමට රජයට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරත වන පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලංකාවේ උපවාස කර මියගියේ කොටි සංවිධානයේ සාමාජිකයෙකු පමණක් බවත් ඊට හේතුව එම සංවිධානය ඔහුට මිය යන්නට ඉඩදීම බවත් ලක්ෂ්මන් නිපුණආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *