අතීතයට බනිමින් ඉන්දියානු කොම්පැනි රකින්න එපා… බාල ගල් අඟුරු ගේන පාර කැපුවේ මාලිමාණ්ඩුවයි..! – පුබුදු ජයගොඩ…

January 30, 2026 at 10:50 am | by emanisa.lk

ගල් අඟුරු ටෙන්ඩරවල පිරිවිතර වෙනස් කළේ පහුගිය ආණ්ඩු බවට වර්තමාන ආණ්ඩුව ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

“මේ ආණ්ඩුව ගල් අඟුරු ආනයනයේදී ටෙන්ඩර් පිරිවිතර කිසිවක් වෙනස් කර නැති බවත්, 5900KCal/kg අවම ප්‍රමිතිය සහිත ගල් අඟුරු මෙට්‍රික්ටොන් මිලියනයක වෙළඳ අත්දැකීමක් තිබීමේ කොන්දේසිය වෙනස් කළේ 2023දී බවත් ආණ්ඩුව පැවසුවා.

එය සම්පූර්ණ අසත්‍යයක්. මේ තිබෙන්නේ 2022-2024 වකවානුව සඳහා වන ගල් අඟුරු ටෙන්ඩර් කැඳවීම. මෙහි 2.8.3.2 (b) වගන්තිය බලන්න. ටෙන්ඩරයට ඉදිරිපත් වීමට මෙට්‍රික්ටොන් මිලියනයක වෙළඳ අත්දැකීම අත්‍යවශ්‍ය බව මෙහි පැහැදිලිව සඳහන්.

මේ තරම් ගල් පැළෙන බොරු කියමින් Trident Chemphar සමාගම ආරක්ෂා කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ ඇයි?”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *