ආණ්ඩුවේ සැලසුම රනිල් පෙන්වා තම අසාර්ථකත්වය වසා ගැනීමයි… එය සාර්ථකයි…!

January 30, 2026 at 10:25 am | by emanisa.lk

මේ වෙලාවේ ජාතික ජන බලවේගය පමණක් තල කීපයක දේශපාලනය කරන එකම සංවිධානය වේ. ජාතික ජන බලවේගය විසින් සෑහෙන කාලයක් තිස්සේ සමාජයේ බෙදා වෙන් කරන ලද තීරු අනුව එම බෙදීම තවත් තහවුරු කර සිය බල ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා දැවැන්ත Psychological Operation එකක් දියත් කරමින් සිටි.

එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කරන පුද්ගලයින් තීරණාත්මක තැන්වල ස්ථානගත කරමින් සිටි. ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින විධායක ජනාධිපතිවරු සිය ධූරය දරන කාලය තුලදී දැනට රනිල් වික්‍රමසිංහට නගන චෝදනාව හා සමාන චෝදනා නැගිය හැකි අවස්ථා රාශියක් පැන නැගී ඇත. එහෙත් රනිල් වික්‍රමසිංහම මෙයට තෝරා ගැනීම පිටුපස ප්‍රභූ රනිල්ට කෙළවෙන හැටි දැකීමට ආසාවෙන් සිටින බහුතර ජනතාවගේ මනදොළ පිරවීමේ Psychological Operation එක වේ.

එමෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපති වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන සමයේ රුපියල් කෝටි ගණනක කජු භාවිත කර ඇති බවද, සඳහන් කරනු දක්නට ලැබුණි.

එමෙන්ම විධායක ජනාධිපති වශයෙන් රනිල් වික්‍රමසිංහ සිටි වසර දෙකක කාලයේදී රාජ්‍ය මුදල් වැය කරමින් කරන ලද දේවල් රාශියක් තිබියදී රනිල් වික්‍රමසිංහ සිය බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමේ සිද්ධියට පමණක් මෙතරම් ආණ්ඩුව උනන්දු වීමේ පිටුපස ඇත්තේ Psychological Operation එකක් වේ.

දැනට ලංකාවේ දේශපාලනය කරන අයගෙන් ඉතාම ඉහල Elite Class එකේ දේශපාලකයා රනිල් වික්‍රමසිංහ වේ. ඔහු අධ්‍යාපනය ලැබූ පාසල, ඔහුගේ ඇඳුම් පැළදුම්, කතා විලාශය උසස් අධ්‍යාපනය සහ වත්කම් අනුව ඔහු කුල්ටුර් පුද්ගලයෙකි.

ලංකාවේ ඇති කර ඇති පන්ති වෛරය අනුව රනිල්ට කැමති අය ඉතා සුළුතරයක් වන අතර රනිල් මක බැවී යා යුතු යයි සිතන අය බහුතරයක් වේ. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ද මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම ද ඉහළ මධ්‍යම පංතියේ අය, පහළ මධ්‍යම පංතියේ අය පීඩිත පන්තියේ ඇතුළු බොහෝ අය කාලාන්තරයක් තිස්සේ රනිල් ගැන සමාජගත කරන ලද කරුණු අනුව සිය චින්තනය සකස් කරගෙන සිටි.

ඊට අමතරව රනිල් වික්‍රමසිංහගේ බිරිද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද දැනට දේශපාලනයේ යෙදී සිටින කිසිම අයෙක්ගේ බිරිදකට ළං විය නොහැකි මට්ටමේ තත්ත්වයකට පත් වී ඇති හෙයින් මේ උපාධි ප්‍රධානෝත්සවය සිද්ධිය මේ පන්ති වෛරය අවුලුවා ජාතික ජන බලවේගයේ Psychological Operation එකට සුදුසු අවස්ථාවක් ලෙස සැලකිය හැක.

එමෙන්ම අධිකරණයේදී පාතාල නායකයෙක්, මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් පිළිබද කරුණු දක්වන අවස්ථාවකදි වත් රජයේ නීතීඥ වරයෙක් රනිල් වික්‍රමසිංහ හෙළා දකිමින් අධිකරණයේදී කරනු දක්වන ආකාරයේ කරුණු දැක්වීමක් මම දැක නොමැත. එවන් කරුණු දැක්වීම් විශේෂයෙන් සිරස මාධ්‍යයෙන් සහ සමාජ මාධ්‍ය වලින් උපුටා දක්වමින් මාලිමා ව වෙත ඡන්දය දුන් ජනතාවගේ මන දොළ සැපිරිමේ Psychological Operation එක තිතටම දිලීප පීරිස් අතින් සිදු වේ.

මේ රනිල් වික්‍රමසිංහගේ Psychological Operation එක නිසා ආණ්ඩුවේ සියලුම අසාර්ථකකම් සෑහෙන කාලයකට යට ගසා ගත හැකි බව මගේ හැඟීමයි. මම පුද්ගලිකව රනිල් වික්‍රමසිංහගෙන් ලංකාව වැඩක් නොගත් බව මගේ ස්ථාවරය වන අතර එසේ වැඩක් ගත් හැකි මිනිසෙක් පන්ති වෛරයේ ආනිශංස නිසා නිරපරාදේ සිර ගත වන සැටි පශ්චාත් තාපයෙන් යුතුව බලා සිටීමට සිදු වනු ඇතැයි මම සිතමි.

නීතීඥ නාමල් රාජපක්ෂ
fb

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස