රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කිරීමේ අවශ්‍යතාව පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
“අපි දැන් වැඩ කරන්නේ අකුළපු රාජ්‍ය දිගහරින එක. එතකොට ඉල්ලීමකුත් නැතුව වැටුප් වැඩි කරනවා. රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නවා. අපිට උවමනා රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කිරීමට.
පෞද්ගලික අංශය දිහාම බලන් ඉන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ අපට වෙන්වෙලා තියෙන ප්‍රතිපාදන 90%ක් වත් වියදම් කරන්න. සමාජවාදය කියන්නේ 100%ක්ම රජය. දැන් අපි කරමින් යන්නේ රජයේ පංගුව වැඩි කරගෙන යන එක.
පෞද්ගලික අංශයත් එක්ක තරඟකාරීත්වයක් ගේන්න. මම මේ කතා කරන්නේ දේශපාලන ආර්ථික විද්‍යාව. අපි ඉලක්ක පසුපස හඹා ගියොත් අපිට පුළුවන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න.”
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) ඉඩම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති 2027 වර්ෂය වෙනුවෙන් අයවැය සඳහා සූදානම් වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.