මෙයට පෙරද ලංකාවට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන ඒම නිසා ඒ සඳහා දඩ පනවා ඇති බවත් එය කිසිසේත් අලුත් දෙයක් නොවන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“සමහර ගල් අඟුරු ලෝඩ්වල ප්‍රමිතිය බාල වීම මීට කලින් සිදුවෙලා තියෙනවා. ඒකට දඩ අයකර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. සාම්පලයක කිලෝ කැලරි 5900ට වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කරනවා. කිලෝ කැලරි 5900-6150ත් අතර නම් එක ගුණයක දඩයක් අය කරනවා. ගැටලුව මතුවුණ පලවෙනි නැවේ කිලෝ කැලරි 5520යි. ඒ අනුව දෙගුණයක දඩයක් අයකරනවා. දෙවෙනි එකේ කිලෝ කැලරි 6017යි. ඒක බාර ගන්නවා.
2020/21 අවුරුද්දේ මේ විදිහට ඩොලර් මිලියන 4.54ක් දඩ අයකර ගෙන තිබෙනවා. 2021/22 අවුරුදුවල ඩොලර් මිලියන 6.1ක් දඩ අයකරගෙන තිබෙනවා. 2022/23 අවුරුදුවල ඩොලර් මිලියන 7.8ක දඩ අයකරගෙන තිබෙනවා. ඒ කියන්නේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් ආවොත් දඩ අයකර ගන්නවා. භාවිතයට නුසුදුසු නම් ඉවත් කරනවා. බල ශක්ති විශේෂඥයෙක් නම් මේ පැරණි කරුණුත් දැනගන්න ඕන”
මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.