දිට්වා කුණාටුවෙන් නිවාස අහිමි වූ 17 දෙනෙකුට ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය 09 වෙනිදා රු. ලක්ෂ 20ක් වටිනා චෙක්පත් ලබාදුන් බව රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ පවසයි.
මෙම මුදල ලබා දුන්නේ සිය විනාශ වූ නිවස පැවති භූමියේම නැවත නිවාස ඉදිකිරීමට බවත් ඉඩම්වල නිරවුල්භාවය තහවුරු කරගෙන ඔවුන් සමග ගිවිසුම් අත්සන් කළ යුතුව ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කරයි.
එතෙක් අදාළ චෙක්පත් බැංකු ගිණුමට යොමු නොකරන ලෙස තමන් දැනුම්දුන් බවත් චෙක්පත් ලබාගත් පිරිසෙන් 11දෙනෙක් අනතුරුව නිවාස සහිත ඉඩම් මිලට ගැනීමට තීරණය කර ඇති බවත් උපාලි රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කරයි.
ඊයේ (27) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.