රත්නපුර දිස්ත්‍රික් මත් විරෝධි කමිටුවේ සභාපති ධූරයට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මාලිමාවේ ශාන්ත පද්ම කුමාර පත්කර තිබේ.
මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල පවසන්නේ එම ධුරයට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා නිල වශයෙන් පත්වන බවයි.
ඔහු මේ බව දැනුම් දුන්නේ රටම එකට ජාතික මෙහෙයුමේ දිස්ත්‍රික් කමිටුව පිහිටුවීමේ අවස්ථාවට එකතු වෙමිනි.
ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුගේ ඉඩමකින් ගංජා හමුවීම සහ එම වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියක් නිසා පසුගිය සමයේ දැඩි ආන්දෝලනයක් ඇති විය.